පොලිසියේ නිවේදනයට විමල්ගෙන් උත්තර

විමල් වීරවංශ විසින් තංගල්ල පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් බවත් එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොවන බවත් පවසමින් විමල් වීරවංශ විසින් නිවේදනයක් මඟින් සඳහන්කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එය ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවය ද ප්‍රශ්නයකට ලක්කර ගෙන ඇතැයි ද විමල් වීරවංශ එම නිවේදනයේ පැවසෙනවා.

”මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :

පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.” යනුවෙන් ඔහු එම නිවේදනයේ සඳහන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42