පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකට උසස්වීම්

හදිසි රාජකාරී අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් පිරිසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරුවලට පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි.

මේ අනුව පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ රාජකාරී ඉටු කිරීමට පත්කර තිබෙනවා.

Police Promotions