පොලිසියෙන් බව පවසා ත්‍රී රෝද රථයක් කොල්ලකයි

බිංගිරිය පඬිවෙල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් බව පවසා ත්‍රී රෝද රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (26) දහවල් රුපියල් 930,000ක් පමණ වටිනා ත්‍රී රෝද රථයක් මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි බිංගිරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ත්‍රී රෝද රථයේ හිමිකරු පෙරේදා (25) හලාත ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී රාත්‍රී 10ට පමණ පඬිවෙල ප්‍රදේශයේදී මාර්ගයේ වම්පස සිවිල් ඇඳුමින් සැරසී සිටි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ත්‍රී රෝද රථයට සංඥා කර නවතාගෙන තිබෙනවා.

ඔවුන් කුලියාපිටිය පොලිසියේ බව පවසා රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා ඇතැයි සඳහන්.

එහිදී රියදුරා රථයෙන් බැස රියදුරු බලපත්‍රය ලබාදී ඇති අතර මාර්ගයේ සිටි දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ එම රියදුරු බලපත්‍රය ත්‍රී රෝද රථ පැදවීමට වලංගු නොවන බවයි.

ඒ හේතුවෙන් පොලිසියට යා යුතු බව සිවිල් ඇඳුමින් සැරසී සිටි එම සැකකරුවන් රියදුරාට දැනුම්දී තිබෙනවා.

ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා ඊට එකඟ වීමෙන් පසු පොලිස් ස්ථානයට යාම සඳහා ඔවුන් දෙදෙනා පැමිණ තිබූ යතුරුපැදියකට නංවාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ත්‍රී රෝද රථය පදවාගෙන ගොස් කදුරුගස් හන්දිය ප්‍රදේශයේදී රියදුරා අත්හැර දමා ත්‍රී රෝද රථය ද රැගෙන පළාගොස් තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනා පොලිස් නිලධාරීන් නොවන බවට විමර්ශනයේදී අනාවරණ වී ඇති අතර ඔවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බිංගිරිය පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

පොලිසිය කියාසිටයේ රථ වාහන නවතා පරීක්ෂා කිරීමේදී අදාළ වාහනය නතර කිරීමට සංඥා කරන නිලධාරියා අනිවාර්යයෙන් නිල ඇඳුමින් සැරසී සිටිය යුතු අතර සිවිල් ඇඳුමින් සැරසී රථ වාහන නතර කිරීම සිදු නොකළ යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදී ඇති බවයි.

ඇතැම් අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව සිවිල් ඇඳුමින් සැරසී රථ වාහන නතර කිරීමට සංඥා කරන අවස්ථා තිබිය හැකියි.

එමෙන්ම කුලී ගමන් යාම සඳහා සිවිල් පුද්ගලයන් විසින් කුලී රථ නවතා ගැනීමට අත දමා සංඥා කිරීම ද සිදුවනවා.

එසේ වුව ද ඉහත ආකාරයෙන් අපරාධකරුවන් විසින් පොලිස් නිලධාරීන් ලෙසට වංචනිකව පෙනී සිටිමින් සිදු කිරීමට ඇති අපරාධ අවම කර ගැනීම සඳහා එම අවස්ථාවට මුහුණ දෙන පුද්ගලයින්ට අවස්ථානුකූලව තමා විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත්ව සිටිමින් අවදානම් ඇති ස්ථානවල ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් මෙන්ම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එහිදී අදාළ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා සිටීම, 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දීම, ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කිරීම, තමා නිරන්තරයෙන් සංචාරය කරන ප්‍රදේශවලට අයත් පොලිස් ස්ථානවල දුරකථන අංක තම ජංගම දුරකථනයේ තබා ගැනීම, සැක සහිත පුද්ගලයන් හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳ නිරීක්ෂණය කිරීම හා ඔවුන් පැමිණ ඇති වාහන මෙන්ම ලියාපදිංචි අංක සටහන් කර ගැනීම සිදු කළ හැකියි.

එසේම හැකි සෑම අවස්ථාවකම අවට සිටින පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීම මෙන්ම අවස්ථාවට උචිත වන ලෙස බුද්ධිමත්ව හා කල්පනාකාරීව කටයුතු කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46