පොලිසියෙන් කියා නිවසකට පැන කෝටියකට වැඩි මුදල් සහ රත්‍රන් කොල්ල කාලා (වීඩියෝ)

පොලිස් නිලධාරීන් බව පවසා නිවෙසකට ඇතුලු වී නිවෙස් හිමියන් කාමරයකට දමා සිර කර රුපියල් ලක්ෂ 133ක් වටිනා මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) සවස 5.30ට පමණ මාදම්පේ – තඹගල්ල වත්ත ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුහුණු ආවරණ පැළඳ ගිනි අවි 02ක් සහ කඩුවක් අතැතිව 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් පොලිසියෙන් යැයි පවසා නිවසට ඇතුළු වී කොල්ලය සිදු කර ඔවුන් පැමිණි වෑන් රථයෙන්ම පලා ගිය බව ගෙහිමි කාන්තාව පැමිණිලි කර තිබෙනවා.

කොල්ලකරුවන් විසින් නිවසේ කාමරයක අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 93ක මුදලක් සහ රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාමකින් යුත් ස්වර්ණාභරණ ද කොල්ලකා ඇතැයි සඳහන්.

කොල්ලකරුවන් මීට පෙර දැක නැති නමුත් නැවත දුටුවහොත් හඳුනා ගත හැකි බව ද නිවෙස් හිමි කාන්තාව පවසා තිබෙනවා.

කොල්ලකරුවන් නිවසේ සිටි 04 දෙනෙකු මුලින්ම කාමරයකට දමා සිර කර ගෙහිමි කාන්තාව සහ පිරිමි දරුවෙකු පැළඳ සිටි රන් මාල දෙකක් කඩා ගෙන ඇති බවටයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් නිවසේ කාමරවල ඇති අල්මාරි බලහත්කාරයෙන් විවෘත කර ඒවායේ තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා තිබෙනවා.

ජංගම දුරකතනයක්, නිවසේ සහ සියළුම කාමරවල යතුරු, වාහන 02ක සහ යතුරු පැදි 02ක යතුරු ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිළි සළකුණු නිලධාරීන්ද අද පෙරවරුවේ කොල්ලය සිදුවූ නිවසට පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මාදම්පේ පොලිසියට අමතරව හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය ද මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12