පොලිසියෙන් කියා නිවසකට පැන කෝටියකට වැඩි මුදල් සහ රත්‍රන් කොල්ල කාලා (වීඩියෝ)

පොලිස් නිලධාරීන් බව පවසා නිවෙසකට ඇතුලු වී නිවෙස් හිමියන් කාමරයකට දමා සිර කර රුපියල් ලක්ෂ 133ක් වටිනා මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) සවස 5.30ට පමණ මාදම්පේ – තඹගල්ල වත්ත ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුහුණු ආවරණ පැළඳ ගිනි අවි 02ක් සහ කඩුවක් අතැතිව 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් පොලිසියෙන් යැයි පවසා නිවසට ඇතුළු වී කොල්ලය සිදු කර ඔවුන් පැමිණි වෑන් රථයෙන්ම පලා ගිය බව ගෙහිමි කාන්තාව පැමිණිලි කර තිබෙනවා.

කොල්ලකරුවන් විසින් නිවසේ කාමරයක අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 93ක මුදලක් සහ රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාමකින් යුත් ස්වර්ණාභරණ ද කොල්ලකා ඇතැයි සඳහන්.

කොල්ලකරුවන් මීට පෙර දැක නැති නමුත් නැවත දුටුවහොත් හඳුනා ගත හැකි බව ද නිවෙස් හිමි කාන්තාව පවසා තිබෙනවා.

කොල්ලකරුවන් නිවසේ සිටි 04 දෙනෙකු මුලින්ම කාමරයකට දමා සිර කර ගෙහිමි කාන්තාව සහ පිරිමි දරුවෙකු පැළඳ සිටි රන් මාල දෙකක් කඩා ගෙන ඇති බවටයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් නිවසේ කාමරවල ඇති අල්මාරි බලහත්කාරයෙන් විවෘත කර ඒවායේ තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා තිබෙනවා.

ජංගම දුරකතනයක්, නිවසේ සහ සියළුම කාමරවල යතුරු, වාහන 02ක සහ යතුරු පැදි 02ක යතුරු ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිළි සළකුණු නිලධාරීන්ද අද පෙරවරුවේ කොල්ලය සිදුවූ නිවසට පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මාදම්පේ පොලිසියට අමතරව හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය ද මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56