පොලිසියෙන් එන බව පවසා නිවසින් පලා ගිය තරුණයාගේ සිරුර කොහිල වලක (වීඩියෝ)

පොලිසියෙන් එනවා “යැයි පවසමින් පෙරේදා (18) රාත්‍රී නිවසින් පලා ගිය 29 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර නිවසට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කොහිල වලක තිබියදී සොයුරා විසින් ඊයේ (19) රාත්‍රී සොයාගෙන තිබෙනවා. මෙම මරණය සැක සහිත බවටයි ඥාතීන් පවසන්නේ.

මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි විවාහක තරුණයෙක්.

මෙම තරුණයාට අධිකරණ වරෙන්තුවක් තිබී ඇති අතර ඔහු නිරන්තරයෙන් “අම්මේ පොලිසියෙන් එයිද දන්නෑ මාව ගෙනියන්න” යනුවෙන් තමා සමග ප්‍රකාශ කළ බවයි මව ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය තරුණයා මිතුරෙකු සමග ඔහුගේ නිවසේ සිටියදී බල්ලන් බුරන හඬ ඇසීමත් සමගම පළා ගොස් තිබු බව පොලිසිය ප්‍රකාශ කළා.

සොයුරා නිවසින් පලා ගොස් යළි නිවසට නොපැමිණි බවට මව විසින් කළුතර ප්‍රදේශයේ සිටින වැඩිමහල් පුතුට දැනුම් දීමෙන් පසු ඔහු පැමිණ ගම්වාසින් සමඟ සොයා බැලීමේදීයිනිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කොහිල වලක පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මළ සිරුර වැටී තිබූ වල අවට කැලෑව තැලී පොඩි තිබෙන ආකාරය දර්ශනය වන බව සඳහන්.

සිරුර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30