පොලිසියට වෙට්ටු දැමු කුඩු මංගලිකා කොටු වුණ හැටි

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියක් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය සමත්වී තිබේ.

කළුපහන ගේ මංගලිකා නොහොත් කූඩු මංගලිකා නම් ඇය 40 හැවිරිදි ය.

අලෙවිය සඳහා සුදානම් කර තිබු හෙරොයින් කුඩා පැකට් 800ක් තුළ හෙරොයින් ග්‍රෑම් 100 ප්‍රමාණයක් තිබූ බවත් මෙහි වටිනාකම් රුපියල් ලක්ෂ 10ක් පමණ බව පොලිසිය පවසයි. 

සැකකාරිය හෙට (23) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.