පොලිසියට බිස්කට් පැකට්ටුවක් දී ‘පැන යන්න හැදූ’ කුඩු ජාවාරම්කරු

ඉංගිරිය, නම්බපාන කැටකැඩඇල්ල පාලම අසළ මාර්ග බාධකයේ දී හෙරොයින් මත්කුඩු තොගයක්ද සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝගී බිරිඳට බෙහෙත් ගෙනයන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඔහු එන ස්ථානයෙන් ගැලවී යාමට උත්සාහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටි එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු ග‍්‍රෑම් හයකට ආසන්න ප‍්‍රමාණයකුත් ඊට අමතරව වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුවක් සහ බෙහෙත් පෙති පැකට් කිහිපයකුත් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට නිලධාරීන් නවතන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව සැකකරු එකවරම බිස්කට් පැකට්ටුවක් එම ආරක්ෂක නිලධාරීන් වෙත දිගුකර තිබුණා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී කුළී පදනම මත මෝටර් රථය ලබාගෙන තිබූ බවත්, හොරණ එගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14