spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට බිස්කට් පැකට්ටුවක් දී ‘පැන යන්න හැදූ’ කුඩු ජාවාරම්කරු

ඉංගිරිය, නම්බපාන කැටකැඩඇල්ල පාලම අසළ මාර්ග බාධකයේ දී හෙරොයින් මත්කුඩු තොගයක්ද සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝගී බිරිඳට බෙහෙත් ගෙනයන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඔහු එන ස්ථානයෙන් ගැලවී යාමට උත්සාහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටි එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු ග‍්‍රෑම් හයකට ආසන්න ප‍්‍රමාණයකුත් ඊට අමතරව වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුවක් සහ බෙහෙත් පෙති පැකට් කිහිපයකුත් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට නිලධාරීන් නවතන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව සැකකරු එකවරම බිස්කට් පැකට්ටුවක් එම ආරක්ෂක නිලධාරීන් වෙත දිගුකර තිබුණා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී කුළී පදනම මත මෝටර් රථය ලබාගෙන තිබූ බවත්, හොරණ එගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?