පොලිසියට පිහියකින් හරඹ පෙන්වූ දෙදෙනෙක් කටානේදී අල්ලයි

මීගමුව, කඳිරාන ප්‍රදේශයේ පෙරේදා (17) දිනයේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක්ව පොලිසිය විසින් පරික්ෂාවට ලක් කිරීමට යාමේදී එහි සිටි එක් සැකකරුවෙක් විසින් පොලිස් නිලධාරියෙක්ට පිහියකින් ඇණ තුවාල කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනා පලාගොස් තිබෙනවා.

එලෙස පොලිස් නිලධාරීන්ට තුවාල කර පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශනය කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඔවුන්ට ඊයේ (19) දහවල් කාලයේදී ලද තොරතුරක් මත පොලිස් නිලධාරියාට තුවාල කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 103ක් සොයාගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම එදින පළාගිය අනෙක් සකකරුවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී අතර ඔහු සන්තකයේ අයිස් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 15 ක් සහ හෙරොයින් ග්‍රෑම් 321 ක් සොයා ගත් බවද වාර්තා වනවා.

අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30