පොලිසියට දුන් ගිනි අවියෙන් සතුන් දඩයමේ ගිය සැරයන් ඇතුලු 3ක් අත්අඩංගුවට

පොලිසියට නිකුත් කළ T 56 ගිනි අවියක් යොදාගෙන වන සතුන් දඩයමේ නිරත වූ පොලිස් සැරයන්වරයකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව වාහල්කඩ පොලිස් වසමේ ඉස්සන්නෑව ප්‍රදේශයේ වන සතුන් දඩයමට T56 ගිනි අවියක් භාවිතා කරන බවට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි කොට්ඨාසය මගින් ලබා දුන් තොරතුරකට අනුවයි වාහල්කඩ පොලිසිය හදිසි වැටලීමක් සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ගිනි අවිය පිළිබඳ කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇත්තේ රොටවැව පොලිස් මුරපොළේ සේවයේ නියුතු සාජන් වරයෙකු තමන් වෙත ලබා දුන් බවටයි.

එම පාපොච්චාරණයට අනුව අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබාදුන් පොලිස් සැරයන්වරයා ද වාහල්කඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති T 56 ගිනි අවිය මොරවැව පොලිස් ස්ථානයට නිකුත් කර ඇති ගිනි අවියක් බවට හඳුනාගෙන ඇති අතර එම ගිනි අවිය රොටවැව පොලිස් මුරපොලේ වැඩ බලන ස්ථානාධිපති වශයෙන් කටයුතු කල නිලධාරියා විසින් සතුන් දඩයම් කිරිම සඳහා පිරිසකට ලබාදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් සමග T56 අවිය, ජීව උණ්ඩ 29ක් සමග අගල් 09ක් දිග පිහියක් ද අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහල්මිල්ලවැව පදිංචි මාර්ගස්ත මගී ප්‍රවාහන අධකාරියේ සේවයේ නියුතු වයස අවුරුදු 50ක් වන පුද්ගලයෙක්, වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් සහ හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.

සතුන් දඩයම සහ වෙනත් නීති විරෝධි ක්‍රියා සඳහා මෙම පොලිස් සැරයන්වරයා කටයුතු කර තිබේ ද යන්න සහ මෙම ගිනි අවිය සතුන් දඩයම් කිරීමේ අරමුණින් ම රැගෙන ගියේද යන්න පිළිබඳ ඉදිරි විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32