පොලිසියට අල්ලස් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට

පොලිසියට අල්ලස් ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සඳහා පැමිණි පුද්ගලයෙකු මෙලෙස අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ උදෑසන පොලිසියට පැමිණ ස්ථානාධිපතිවරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ තමාගේ පිරිමි දරුවෙක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය බවයි.

එම පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට උපදෙස් ලබාදී දෙපාර්ශවය ඉදිරිපත් කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

පසුව මෙම පුද්ගලයා ලියුම් කවරයක දැමූ කිසියම් දෙයක් මේසය මත තිබූ පොතක් යට තබා ඇති අතර මෙම කවරය පිළිබඳ විමසා විවෘත කර බැලීමේදී හෙළිවී ඇත්තේ එහි රුපියල් 5000ක නෝට්ටුවක් ඇති බවයි.

අනතුරුව රජයේ සේවකයෙකුට අල්ලස් දීම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

64 හැවිරිදි සැකකරු ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ කොමිසම සහ ගලේවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07