පොලිසියට අල්ලස් දී පළා යාමට උත්සාහ කළ අයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

ගාලු මුවදොර ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කුඩා ලොරි රථයක් සමගින් ඊයේ 17 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධක රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් කොල්ලුපිටිය දෙස සිට කොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන අසල රෙදි බෑගයක් තුල මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබී සොයා ගැණුනා.

රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මාළු අලෙවි කරන බවටයි.

තවදුරටත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බියට පත්ව දුරකතනයෙන් තවත් පුද්ගලයෙකු සමග සම්බන්ධ වී ඇති අතර දුරකතනයෙන් ඇමතු පුද්ගලයා පොලිසයෙන් ඉල්ලා ඇත්තේ රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන රියදුරා මුදා හරින ලෙසටයි.

එහිදී කුඩා ලොරිය සහ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට රැගෙන විත් තිබෙනවා.

අනතුරුව ලොරියේ තිබූ මුදල් ගණනය කර ඇති අතර එහි රුපියල් 6,949,500ක් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව පොලිස් නිල සුනඛ අංශයේ පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන නිල සුනඛයෙකු ගෙන්වා ලොරිය පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන යට තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මැන බැලීමේදී එහි හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 340ක් තිබී ඇති අතර සැකකරුගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

29 හැවිරිදි සැකකරු කලුතර උතුරු ප්‍රදේශයේ අයෙක් වන අතර අහුන්ගල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලිසිය විමර්ශන මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14