පොලිස් සැරයන්වරියක් බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයකට වෙඩි

අඹන්පොළ ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරියක බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.

අදාල මෝටර් රථය පරීක්ෂා කර එය පොලිසිය වෙත රැගෙන යාම සඳහා කටයුතු කළ අවස්ථාවේදීයි පොලිස් සැරයන්වරිය ද සමඟ රථය නො නවත්වා ධාවනය කර ඇත්තේ.

අඹන්පොළ පොලිසියට ලද තොරතුරුක් මත එම සැකකටයුතු මෝටර් රථය අඹන්පොළ රෝහල අසල දී නතරකර පරික්ෂා කර තිබෙනවා.

එම රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන පසුව රථය අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසයි රියැදුරාට උපදෙස් දී ඇත්තේ.

එම උපදෙස් අනුව කටයුතු නොකළ රියදුරු අඹන්පොල පොලිස් ස්ථානය පසුකර රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් 07ක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී රථයට වෙඩි තබා ඇති බව සඳහන්.

රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති අතර එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය සැරයන්වරිය මුදාගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුව කළ සෝදිසි කිරීම්වලදී අදාල මෝටර් රථයේ තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

  1. කුඩු පැකට් කිහිපය නම් මොනවද? අඹන්පොල ජයටම කුඩු ජාවාරම කරගෙන යන්නේ පොලිසියේත් අනුදැනුම ඇතුව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16