spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන්වරියක් බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයකට වෙඩි

අඹන්පොළ ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරියක බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.

අදාල මෝටර් රථය පරීක්ෂා කර එය පොලිසිය වෙත රැගෙන යාම සඳහා කටයුතු කළ අවස්ථාවේදීයි පොලිස් සැරයන්වරිය ද සමඟ රථය නො නවත්වා ධාවනය කර ඇත්තේ.

අඹන්පොළ පොලිසියට ලද තොරතුරුක් මත එම සැකකටයුතු මෝටර් රථය අඹන්පොළ රෝහල අසල දී නතරකර පරික්ෂා කර තිබෙනවා.

එම රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන පසුව රථය අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසයි රියැදුරාට උපදෙස් දී ඇත්තේ.

එම උපදෙස් අනුව කටයුතු නොකළ රියදුරු අඹන්පොල පොලිස් ස්ථානය පසුකර රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් 07ක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී රථයට වෙඩි තබා ඇති බව සඳහන්.

රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති අතර එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය සැරයන්වරිය මුදාගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුව කළ සෝදිසි කිරීම්වලදී අදාල මෝටර් රථයේ තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?