පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාවනැල්ල පොලිසිය විසින් කළ වෙඩි තැබීමකින් ඊයේ (06) දින රාත්‍රී 10.30ට පමණ අවුරුදු පනස් දෙකක පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාවනැල්ල පදීදොර ප්‍රදේශයෙන් මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිතුමා වෙත ඊයේ (06) දින රාත්‍රි 8.40ට පැමිණිලි කිහිපයක්ම පැමිණෙන්නේ එම ගමෙහිම පදිංචි වයස අවුරුදු පනස් දෙකක් වන ජයතිලක යන පුද්ගලයා කඩුවක්ද රැගෙන තර්ජනය කරමින් නිවාස කිපයක් අවට සැරිසරන බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයටද තොරතුරු වාර්තා වනවාත් සමඟම එම අංශයේ රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙක් අදාළ ගම්මානයට පිටත්වී තිබුණා .

ඔවුන් එහි යනවිටත් කාන්තාවක් සිර කරගෙන සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

එම කාන්තාව බේරගන්නවාත් සමග මියගිය පුද්ගලයා කඩුවකින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර මෙම සිද්ධිය අතරතුර පැමිණෙන මාවනැල්ල පොලිස් ජංගම රථයේ සිටි නිලධාරීන් ,පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ වෙඩි තැබීමේදී සැකකරු ජිවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගිය සැකකරුගේ පුත්‍රයාද මෙම සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය සැක පලකරන අතර ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ තැන්පත්කර ඇති අතර සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ මාවනැල්ල පොලිසියේ රාජකාරියේ නියුතු සැරයන් වරුන් දෙදෙනෙකු මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිසියේ උසස් නිලධාරීන් විසින් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30