පොලිස් වෙඩි තැබීම ගැන පොලිසියේම ලොක්කෙක් කියපු කතාව (වීඩියෝ)

නාරම්මල ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වෙඩි තැබීමෙන් ලොරි රියදුරෙකුට ජීවිතය අහිමි වීම තමා පෞද්ගලිකව මෙන්ම ආයතනයක් ලෙසට ද මුහුණ දුන් බලවත් අවමානයක් බව කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ මහත් වැර වෑයමින් ගොඩනගා ගත් මහජන විශ්වාසය ප්‍රසාදය තනි පුද්ගලයෙකුට එක් මොහොතකින් විනාශ කළ හැකි බවට මීට වඩා උදාහරණයක් නොමැති බවයි.

මෙම චූදිත නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහමග ගමන් ගත් නිර්දෝෂී පුරවැසියෙකුගේ අවාසනාවන්ත මරණයක් සිදු වූ අතර කිසිදු වන්දියක් හෝ මිලක් ගෙවා ඌණපූර්නය කළ නොහැකි ලෙසට දරු පවුලට පියා සැමියා අ හිමි වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සටහනේ දැක්වෙනවා.

මෙම සැකකාර නිලධාරියා සම්බන්ධව සාධාරණ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදු කර ගත හැකි සියලුම නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බවටයි සුජිත් වෙදමුල්ල සහතික වී ඇත්තේ.

Sujith Wedamulla Post


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23