spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි තරුණයෙකුට තුවාල

ගම්පොල පඹදෙණිය ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පොලිසිය වැටලූ අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ තරුණය ගම්පොල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට පැවසෙන නිවසට ගොස් ඇත්තේ අද (21) උදෑසන කාලයේදීයි.

එහිදී තුවාල ලබා ඇති තරුණය විසින් නිවසේ සිටි සුනඛයා ලෙහා දමා ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන්.

මෙහිදී අදාළ සුනඛයා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපා කා ඇති අතර එහිදීයි පොලිසිය වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි වැදුණු සුනඛයා ද එම ස්ථානයේම මරණයට පත්ව ඇති අතර තරුණයගේ පාදයකට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
12
+1
7
+1
22
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?