පොලිස් වෙඩිල්ලට හසු වූ රොෂාන්ගේ මරණයට සැක පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් රොෂාන් කුමාරතිලක නැමැත්තා මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද (23) දින නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේදී ලොරි රථයක් පරීක්ෂා කළ සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන්ට දිවි අහිමිවුනේ පසුගිය 18 වනදායි.

කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.