පොලිස් වැටලීමේදී පළාගිය තරුණයා ප්‍රපාතයකින් ඇද වැටී මරුට

කුරුණෑගල විල්බාව ප්‍රදේශයේදී ප්‍රපාතයකින් ඇද වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ තවත් පිරිසක් සමග කැලෑබද ප්‍රදේශයක මත්පැන් පානය කරමින් සිටියදී පොලිසිය කළ වැටලීමක් හේතුවෙන් පළා යාමේදී ඔහු ප්‍රපාතයට ඇද වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ විල්බාව ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි අවිවාහක අයෙක්.

ඔහු ඊයේ පස්වරුවේ පන්සල් වත්ත නම් රක්ෂිත ප්‍රදේශය තුල තවත් 3 දෙනෙකු සමග නීති විරෝධී මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.

පස්වරුවේ පොලිසිය එම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සිදු කරන බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙනුයි ඔවුන් රක්ෂිතයේ ඇතුලට ගමන් කර මෙලෙස මත්පැන් පානය කර ඇත්තේ.

එහිදී පොලිසිය හදිසියේම එම ස්ථානයට පැමිණීම හමුවේ කලබල වූ පිරිස පළා යාමට උත්සාහ කර තිබෙනවා.

එම ස්ථානයේ සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙක් පළාගිය බවටයි සැක කෙරුණේ.

මෙහෙයුමෙන් පසු සවස 6ට පමණ වනාන්තරය දෙසින් පුද්ගලයෙකු කෑගසන හඬ අසල නිවසක පදිංචිව සිටි වයස්ගත පුද්ගලයෙකුට ඇසී ඇති අතර ඔහු ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී දැක ඇත්තේ එක් අයෙකු ගල් තලාව අසල වැටී සිටින ආකාරයයි.

අනතුරුව අසල්වාසීන් සමග එක්ව තුවාලකරු රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.

බරපතල තුවාල ලබා ඇති එම පුද්ගලයා මේවන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම පුද්ගලයා නීති විරෝධී මත්පැන් ජාවාරම් හේතුවෙන් පොලිසියට අවශ්‍ය කර සිටින අයෙක් වන අතර පොලිස් වැටලීම හමුවේ පළා ගොස් ඇත්තේ එම හේතුවෙන් බවට විශ්වාස කෙරෙනවා.

ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව ප්‍රකාශ කර ඇත්තේ තමා සමග තවත් අයෙක් ප්‍රපාතයෙන් ඇද වැටුණු බවයි.

ඒ අනුව කළ සොයා බැලීමකදී මියගොස් සිටි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඔවුන් මත්පැන් පානය කරමින් සිටි ස්ථානය අසලම තිබූ දැවැන්ත ප්‍රපාතය පිළිබඳ නොදැනුවත්ව සිටීම හේතුවෙන් පළා යාමේදී ඇද වැටෙන්නට ඇති බවට සැක කෙරෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර කුරුණෑගල රෝහලට යොමුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15