පොලිස් ලොක්කන් දෙදෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් නොවැම්බර් 06 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඒ.ඩී.ජේ. කරවිට අපරාධ දිසාවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එම.ඒ. සේනාරත්න මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන ලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.