පොලිස් මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 3ක් අත්අඩංගුවට

දේපළ සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස මොරගහහේන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 300ක් සහ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 100ක් ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට අමතරව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනාට ද එම අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ගෝනපොල සහ පලන්නොරුව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අවුරුදු 29 සහ 36 වයස්වල පසුවන්නන්.

මෙම පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මොරගහහේන සහ හොරණ පොලිස් වසම්වල සිදු කරන ලද බල අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අය බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද හොරණ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12