පොලිස් මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 3ක් අත්අඩංගුවට

දේපළ සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස මොරගහහේන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 300ක් සහ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 100ක් ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට අමතරව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනාට ද එම අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ගෝනපොල සහ පලන්නොරුව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අවුරුදු 29 සහ 36 වයස්වල පසුවන්නන්.

මෙම පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මොරගහහේන සහ හොරණ පොලිස් වසම්වල සිදු කරන ලද බල අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අය බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද හොරණ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14