spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් බස්වල ඉන්ධන සොරකම් කළ කොස්තාපල්වරු

මරදානේ බස් රථ ගාලකදී පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරගෙන ගිය ඉන්ධන ජාවාරමක් ගැන “අද දෙරණ” උකුස්සා ඊයේ (28) විශේෂ අනාවරණයක් කළේය.

එම ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම අනාවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල බස්රථවල ඩීසල් පෞද්ගලික බස් රථවලට අලෙවි කිරීමේ ජාවාරම සිදුකර තිබුණේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකුගේ එකතුවෙනි.

එම අනාවරණයෙන් පැය 24ක් ගතවීමටත් පෙර ඒ පිළිබඳ විමර්ෂණයක් ඇරඹීමට පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද දෙරණ අනාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර තෙල් ලබා ගැනීමට සහය දුන් නෑබඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ තවත් අයෙක් හඳුනාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අද දෙරණ” උකුස්සා වැඩසටහනින් මෙම ජාවාරම පිළිබඳ හෙළි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ ස්තූතිය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?