පොලිස් බස්වල ඉන්ධන සොරකම් කළ කොස්තාපල්වරු

මරදානේ බස් රථ ගාලකදී පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරගෙන ගිය ඉන්ධන ජාවාරමක් ගැන “අද දෙරණ” උකුස්සා ඊයේ (28) විශේෂ අනාවරණයක් කළේය.

එම ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම අනාවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල බස්රථවල ඩීසල් පෞද්ගලික බස් රථවලට අලෙවි කිරීමේ ජාවාරම සිදුකර තිබුණේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකුගේ එකතුවෙනි.

එම අනාවරණයෙන් පැය 24ක් ගතවීමටත් පෙර ඒ පිළිබඳ විමර්ෂණයක් ඇරඹීමට පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද දෙරණ අනාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර තෙල් ලබා ගැනීමට සහය දුන් නෑබඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ තවත් අයෙක් හඳුනාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අද දෙරණ” උකුස්සා වැඩසටහනින් මෙම ජාවාරම පිළිබඳ හෙළි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ ස්තූතිය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20