පොලිස් පෙම් හබය දුරදිග ගිහින් පොලිස් කොස්තාපල්වරියක් කළුබෝවිල රෝහලේ

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලන වන පොලිස් ස්ථානයක රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය තුළදී ම කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් රෝගාතුරව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරිය එම පොලිස් ස්ථානයේම රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොස්තාපල්වරිය සමඟ එම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයා ඔහු සමඟ රාජකාරී කරන තවත් පොලිස් නිලධාරියකු සමඟ විහිළු තහළු කරගෙන ඇති බවයි දැනගන්නට ලැබුනේ.

එම අවස්ථාවේදී එයට පොලිස් කොස්තාපල්වරිය ද සම්බන්ධ වීමෙන් පසු, එම කොස්තාපල්වරිය සහ ඔහුගේ පෙම්වතා බව කියන කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

මෙම බහින්බස් වීමෙන් පසු සිත් තැවුලට පත් අදාළ කොස්තාපල්වරිය යම් දියර වර්ගයක් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව රෝගාතුර වූ ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25