spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නෝනා මාධ්‍යට පහර දී පැන දුවයි – පාර්ලිමේන්තු පාර උණුසුම්

සිවිල් සංවිධාන කිහිපයක්(08) බත්තරමුල්ලේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඒ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනත් කෙටුම්පතට එරෙහිව යි.

මෙහි දී පොලීසිය පැමිණ විරෝධතාවයේ සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයින් ඔසවාගෙන ගොස් බස්රථයකට දැමීමට යි පොලීසිය ක්‍රියා කළේ.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස 31ක් පමණවන බවයි වාර්තා වූයේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ද අත්අඩංගුවට පත් පිරිස අතරට අයත්.

මේ අතර මෙම සිදුවීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා එල්ල වී තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීන් සඳහන් කළේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඔවුගේ කැමරා උපකරනවලට පහර දුන් බව යි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ අදාළ නිලධාරිනිය දිව ගොස් පොලිස් බස්රථයක නැගී පලා ගිය අයුරු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?