පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබනවා.
එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදුකරනු ලබන අතර එම පද්ධතිය ඊයේ (20) දින දහවල් 12.50 සිට අක්‍රිය වී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර දත්තපද්ධතිය යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව පොලිසිය පවසනවා.
ඒ අනුව මෙම දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාතා ඉල්ලුම් නොකරන මෙන් දන්වා සිටින අතර යථාවත් වූ සැනින් ඔබගේ නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ හැකි බව කාරුණිකව දැනුම් දෙනවා.













