පොලිස් නිලධාරියෙකුගේ පරිඝණයක් ඇතුලු භාණ්ඩ කිහිපයක් පැහැරගනී

සේවය අත්හිටුවිමකට ලක්ව සිටින පොලිස් නිලධාරියෙකුගේ නාගොඩ නිවසට පහරදී පරිඝණයක් ඇතුලු භාණ්ඩ කිහිපයක් පැහැරගෙන ගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙනෙකු විසින් මෙම පහරදිම සිදු කර අහසට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රී 7.45 ට පමණ නාගොඩ වළකුඹුර ප්‍රදේශයේ පිහිටි දැනට සේවය අත්හිටුවීමකට ලක්ව සිටින පොලිස් සැරයන් විමල් ජයසේකර මහතාගේ නිවසට කිසියම් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහු ගාල්ල පොලිස් ස්ථානට අනියුක්තව සේවය කළ නිලධාරියෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු දෙදෙනෙකු පළමුව නිවසට ගල්වලින් පහර දී ඇති අතර අනතුරුව ඔවුන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා තිබෙනවා.

පහරදීමෙන් නිවසේ ජනේලවලට දැඩි ලෙස අලාභ හානි සිදුවුණා.

පහරදීම සිදු වන අවස්ථාවේ ජයසේකර මහතා නිවසේ සිට ඇති අතර ඔහු නිවසේ කාමරයකට ගොස් සැඟවි තිබෙනවා.

නිවසට ඇතුළු වූ සැකකරුවන් ටැබ් පරිගණකය සහ ජංගම දුරකථනයක්ද රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.