කොස්තාපල් යට කළ වාහනය වතුර මල උඩ – පොලිස් පුතෙක් අත්අඩංගුවේ (වීඩියෝ)

කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්න නිදහස් වටරවුමේ සිදු වූ මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු අද පස්වරුවේ රථ වාහන මෙහෙයවීමේ රාජකාරියේ නිරත වෙමින් සිටියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එම නිලධාරියා ද අනතුරට ලක් කරමින් වටරවුමේ පිහිටි වතුර මල මත නතරවී තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු පැදවූ බව කියන මෙම සුඛෝපභෝගී මෝටර් රථය ගැටීමෙන් තුවාල ලබා ඇත්තේ කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයෙක්.

මෝටර් රථය පැදවූ රියැදුරු වන උසස් පොලිස් නිලධාරියාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ විශේෂ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14