පොලිස් නිලධාරිනියගේ කකුල් වීඩියෝ කර ෆේස්බුක් දාලා – තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

පොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, බංගදෙණිය සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකාර තරුණයින් දෙදෙනා ඉකුත් 27 වැනිදා පැමිණිල්ලක් විභාග කිරීම සදහා හලාවත පොලීසියේ සුළු පැමිණිලි අංශයට පැමිණ තිබෙනවා.

එහිදී සුළු පැමිණිලි අංශයේ නිලධාරිනියක් රාජකාරි කරන අතර තුර නිරාවරණය වී තිබූ ඇයගේ පාද ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරිනිය විසින් ඊයේ (28) මේ බව තම උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුවයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28