පොලිස් නිලධාරිණියන්ගේ බැරැක්ක අස්සෙ රෑට රෑට රිංගූ ආධුනික කොස්තාපල්ට මාංචු

අද (02) අලුයම් කාලයේ දී කාන්තා පොලිස් නිලධාරිණියන් රැඳී සිටින පොලිස් බැරැක්කයකට ‍රිංගූ ආධුනික කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නොරචෝලේ පොලිසිය විසින් මෙම සැකකරු ව අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

නොරොචෝලේ පොලිස් ස්ථානයට මෑතක දී සේවය සඳහා මෙම සැකකාර ආධුනික කොස්තාපල්වරයා පැමිණ තිබෙනවා.

මෙම සැකකරු කුමන හේතුවක් මත පොලිස් නිලධාරිණියන්ගේ බැරැක්ක තුළට රිංගා ඇති දැයි යන්න පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි නොරචෝලේ පොලිසිය පැවසුවේ.