spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් ත්‍රිරෝද රථයක් කලපුවකට කරනම් ගහයි

යාපනය, පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ (13) සවස අනතුරක් සිදුව තිබු බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා.

යාපනය,කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රිරෝද රථයක් එලෙස කලපුවට පෙරළීමෙන් අනතුර සිදුව තිබු අතර, පොලිස් විමර්ශනයකට ගිය ත්‍රිරෝද රථයක් මෙලෙස කලපුවට පෙරළී තිබිණා.

අනතුරින් පොලිස් නිළධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය කලපුවට පෙරළී තිබු බවයි යාපනය ප්‍රදේශවාසීන් පවසන්නේ.

අනතුරුව ට්‍රැක්ටර රථයක් ආධාරයෙන් ත්‍රිරෝද රථය කලපුවෙන් ගොඩගත් බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

Police 2 1
Police 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?