පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ජීවිත 4ක් බේරාගනියි

පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ 4 දෙනෙකු දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී බේරා ගැනීමට පානදුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද සමත් වී තිබෙනවා.

මෙලෙස ගසාගෙන ගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 හා 35 වයස්වල පසුවන අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු 13 සහ 29 වයසේ පසුවන සහෝදරයා සහ සහෝදරියයි.

මෙම 4දෙනා අද සවස 4.30ට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන ආකාරය දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් වෙරළ තීරයට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

ඊට වෙරළාරක්ෂක නිලධාරීන් ද සහාය දක්වා ඇති අතර බේරා ගත් 4 දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04