පොලිස් ජ්‍යේෂ්ඨයින් 32කට හා බන්ධනාගාර නිලධාරීන් පිරිසකට වහාම ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු ව ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙනවා.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින් 16 දෙනෙකුට ද ජුලි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරික් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතා මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවිම් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව විශේෂ බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 13 දෙනෙකු සඳහා ස්ථානා මාරුවීම් ලබා දී ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03