පොලිස් ඇමතිගේ පුතා මාධ්‍යවේදී චමුදිතට එල්ල වූ ප්‍රහාරයට සතුටු වෙන හැටි – ඇමති පුතාට අමුතු හයියක්ද..?

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අසූචී සහ ගල් මුල් ප්‍රහාරයක් එල්ල වීම මේ දිනවල බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සියළු සමාජ මාධ්‍ය වල කතාබහට ලක් වෙන කාරනාවක්.ඒ සමගම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් පුවතක් වූයේ අමාත්‍ය සරත් වීරසේකරගේ පුත් වන පොලිස් අධිකාරි සචිත්‍ර වීරසේකර විසින් තම මුහුනු පොතේ සටහක්.එහි සදහන් වූයේ “ගල් සහ අසූචි වලට අපහාස කල අය හෙලා දකිමු” යන්නයි.
යටි පෙල අර්ථය පසුවට තබා බැලූ බැල්මටම පෙනෙන්නේ “අපිට ඒ කාලේ ගහපු බොට හොද වැඩේ” කියා ගන්නට බැරි නිසා මෙසේ දැමූ ඇදි වත හිසින් ගැලවුනු ඇමති පුතෙකි.

පොළිස් රෝහලට අනුයුක්තව කටයුතු කරන සචිත්‍ර වීරසේකට පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත් වුනේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වුනු “පියුමි හංසමාලි” ගේ ඇදුම් ප්‍රවාහනය කරන්නට ගොස් හත් පොලේ ගා ගැනීමෙන්ය.

මෙම සිදුවීම සම්බන්දව චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියෙක් වශයෙන් බොහෝ තැන් වල සහ බොහෝ අවස්ථාවල දී නොබියව අදහස් ප්‍රකාශ කල අතර සිදුවීමට සෘජුවම සම්බන්ද උදවියට නම් ගැරඬින්ට භූමිතෙල් ගැසූවා මෙන් අත්දැකීමක් වන්නට ඇති බව අප හොදාකාරවම දනිමු.නමුත් සමාජයට වගකියන මාධ්‍යවේදියෙකුගේ භූමිකාව ඉටු කල චමුදිත මෙම සටන ඉදිරියටම ගෙනගොස් ඔහුට හැකි අයුරින් සාධාරනක් කල බවට රටේම ජනතාව සාක්ශි දරනු ඇති.

හංසමාලිගේ යට ඇදුමෙන් විලි වසාගත් සචිත්‍ර ඉන් පසුව නිරෝධායන නීතී උල්ලංඝනය කරමින් සිය විවාහ මංගල්‍යය පවත්වා නැවත වතාවක් රටේම අවධානය දිනාගනු ලැබුවා.කෙසේ නමුත් තමන්ගේ විලි ලැජ්ජා නැති ක්‍රියා මාධ්‍ය හමුවේ දිග හැරෙන හැරෙන වාරයක් පසා කෝපයක් ඇති වීම සාමාන්‍ය සිදුවීමක්.නමුත් රටේ වගකිවයුතු පදවියක් දරන වගකිවයුතු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු වශයෙන් තමන්ගේ මුඛයට අවම සදාචාරයක්වත් පවත්වාගනිමින් “අධෝ මුඛයක්” නොවෙන ලෙසින් කටයුතු කිරීම ඔබ වැන්නෙකුගේ වගකීමකි.

හැරත් , රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට මෙවැනි සිදුවීම් සඳහා අදහස් පලකිරීමේදී නිකුත් කර ඇති චක්‍රලේඛ කීපයක්ද පවතින මොහොතක පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර මහතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ දැඩි මතභේදයන් ද මතුවී තිබෙන බවක් අපට පෙනී යනවා.

ඔබේ භාෂනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන අප ඔබට වාරනයන් පනවන්නේ නැත.
නමුත් චමුදිතගේ නිවසට එල්ල කල අසූචී සචිත්‍රගේ කටින් ආපු ඒවාදැයි රටේ ජනතාවට සිතෙන තැනට වචන භාවිතා නොකර සිටීම ඔබේ සහ පියාගේ ඉතිරි වී ඇති චරිතයට යහපතක්ම වනු ඇත..

image 3
image 4
image 5
image 6
image 7
  1. මෙ ගොසිප් එකෙ ඇඩ්මින් වත් සොයා ගොස් යාපනයෙන් සොයා ගෙනත් හොන්දම වර්ගයෙ අසූචී පහරක් ගහන්නට කවුරුත් නැද්ද ? අසූචි පුවත් සහ බොරුවම ලියන අවුරුදු ගනන් පරන එවා අලුත් මෙන් දමා පාටකයා රැවටීම පමනයි කරන්නෙ ; මාද්ය මුවාවෙන් කතා කිරීමෙ සහ ලිවීමෙ අයිතිය මුවාවෙන් පාටකයන් නොමග යැවීමත් . රටට මඩ ගෙසීමත් තමා මෙවෙනි පුවත් පත් කරන්නෙ , එහෙත් උන් කියන්නෙ උන් හරි කියාල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20