පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් මියයයි

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි 43 හැවිරිදි තිදරු මවක් පොලිසිය තුළදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ අසනීප තත්ත්වයක් පිළිබඳව පොලිසිය දැනුවත් කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැරීම හේතුවෙන් ඇය මෙලෙස
ජීවිතක්ෂයට පත්වූ බවයි.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එක් පාර්ශවයක් පෑලියගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට ආදාලව අනෙක් පාර්ශ්වය පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී ආරවුලට අදාලව දැනට මියගොස් සිටින කාන්තාවද ඇතුලු පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව ඥාතීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ ජීවිතක්ෂයට පත්වූ කාන්තාව අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කළද ඇයට ප්‍රතිකාර කිරීමට හෝ රෝහල් ගත කිරීමට ඔවුන් පියවර නොගත් බවයි.

ඒ හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෑලියගොඩ ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි තිදරු මවක්.

මේ අතර 2017 වසරේදී පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10 වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය අද නියෝග කළා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් සහ ඔහු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු පස්දෙනා රුපියල් පනස් දහස බැගින් සිය පුද්ගලික මුදලින් මියගිය පුද්ගලයාගේ බිරිඳට ගෙවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38