පොලිස්පති ධූරයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත්කෙරේ

පොලිස්පති, නීතිඥය ප්‍රියන්ත වීරසූරිය ඊයේ (15) දිනයේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීම වෙනුවෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ලබන 20 වෙනිදා යළි නැවත පොලිස්පතිවරයා පැමිණෙන තෙක් පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.