spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිවරයාගේ පත් කිරීමට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ද තවත් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සම්බල වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවයි.

එවැනි අනුමැතියක් නොමැතිව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් ඉකුත් දා තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?