පොලිස්පතිට සේවා දිගුව දෙන ගැසට්ටුව නිකුත් කෙරේ

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන් ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පතිවරයා සඳහා මාස තුනක සේවා දිගුවක් ලබා දීමට පොලිස් කොමිසමේ නිර්දේශ මත ජනාධිපතිවරයා කටයුතු කළා.