පොලිස්පතිගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මකවන සයිබර් අපරාධයක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් (Email) ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිත කරමින් යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳව මේ යටතේ කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර, මෙවැනි සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් (Email) සම්බන්ධයෙන්,

  • අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසටත්
  • එම පණිවිඩ වලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසටත්
  • එම ඊමේල් පණිවිඩවල ඇති සබැඳි (Links) වලට පිවිසීමෙන් වළකින ලෙසටත්
  • මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දන්වා සිටිනවා.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44