පොලිස්පතිගේ ධුර කාලය තවත් සති තුනකින් දීර්ඝ වෙයි

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සති 3කින් දීර්ඝ කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නිවේදනයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ධුර කාලය දීර්ඝ කිරිම සිදු කර ඇති බවයි.

ජනාධිපති ලේකම්වරයා විසින් ඒ පිළිබඳ පොලිස්පතිවරයා වෙතට දැනුම් දී තිබෙනවා.

Police Letter