පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මාර්ගෝපදේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යාමේ දී මරණයට පත් වීමේ සිද්ධීන් වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙනවා.

අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙම කරුණු දැක්වීම සිදුකළා.

2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ග උපදේශ මාලාවක් සකස් කර පෙබරවාරි මස 24 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ඉකුත් පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

එහෙත් අදාළ පෙත්සම ඉකුත් 24 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ මාර්ගෝපදේශය මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඒ, අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (03) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නොතිසි නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව අද දින පොලිස්පතිවරයා සී.ඩී.වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියා.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ මාලාව කෙටුම්පත් කර අධිකරණය හමුවේ මේ වන විටත් ගොනු කර ඇති බවයි.

එවිට ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පොලිස්පතිවරයා අමතා කියා සිටියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා පොලිසිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අධිකරණය මෙම නියෝග නිකුත් කළ බවයි.

අදාල මාර්ගෝපදේශ මාලාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තූතිය පළ කළ විනිසුරුවරයා එය පලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග නිකුත් කරන ලෙසත් පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51