පොල්අතු පැලේ ඉඳන් අද තට්ටු තුනේ ගෙදරක ඉන්න විඳපු දුක මට අමතක නැහැ-උදයකුමාරි රණසිංහ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි උදයකුමාරි රණසිංහ කියලා කියන්නේ. ඉතින් මේ රටක් ආදරය කරන රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී පවසලා තිබුණු විදිහට ඇයට ආයෙත් පුංචි කාලෙට යන්න තියනවානම් ඇය අවුරුදු 15ත් 17ත් අතර කාලෙට යන්න ගොඩක් ආසයිලු. ජීවිතේ ඇයට ළමයෙක් විදිහට ලැබුණු හොඳම කාලය ඒ කාලයලු. ඉතින් ඇය පොඩි කාලේ පාසල් දෙකක ඉගෙන ගෙන තියනවලු. මුලින්ම කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විදුහලෙනුත්, පසුව බත්තරමුල්ල මධ්‍ය මහා විදුහලෙනුත් ඉගෙන ගත්තා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම පාසල් කාලය හරි සුන්දරයි කියලත් ඇය කියනවා. පාසල් කාලෙදිත් ඇය හරිම දඟයිලු. ලෝකය ගැන වගකීමක් නැතිව, ඔළුවේ කිසිම ප්‍රශ්නයක් නැතිව, හරිම සතුටින් හිටපු ඒ කාලය හරි සුන්දරයි කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ කාලේ බරක් පතලක් නැතිව යාළුවෝ එක්ක සන්තෝසයෙන් හිටියාලු.

ඉතින් ඒ වගේම ඇයට දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත් ඇය ඒ ආරාධනාව පිළිගන්නවාලු. ඇය දේශපාලනය සම්බන්ධයෙන් ඉගෙනගෙනත් තියෙනවාලු. කලාකාරියක් විදිහට, මිනිසුන් එක්ක ඉන්න කෙනෙක් විදිහට මේ රටේ මිනිස්සු විඳින දුක, අඩුපාඩු ගැන අවබෝධයක් ඇයට තියෙනවාලු. ඉතින් ඒ වගේම ඇයට ලොකු පවුලක් ඉන්නවා කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඇය පොඩි කාලේ කෑම බීමවලින් අඩුපාඩු තිබුණු කෙනෙක්ලු. ඇයගේ පවුලේ හත්දෙනෙක් හිටියාලු. ඉතින් තාත්තාගේ පොඩි වැටුපෙන් ඒ බඩවල් හත පුරවන්න අඩුපාඩුකම් ගොඩක් තිබුණාලු. කෑම බීමවල අඩුපාඩුකම් ඔවුන්ට හොඳටම දැනුණාලු. එහා ගෙදර මිනිස්සුන්ට පයිප්ප තිබුණට ඔවුන්ට පයිප්පයක්වත් තිබුණේ නැහැලු. ඔවුන් වතුර ළිඳෙන් ඇදලලු පාවිච්චි කළේ. ඒ නිසා එහා ගෙදර පයිප්පේ සද්දය ඇහෙද්දිත් ඔවුන් ආසාවෙන් අහගෙන හිටියාලු.

ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ හැමදේම හරි සුවිශේෂියිලු. ඒ නිසා ඇයගේ ජීවිතේ මකා දමන්න, අමතක කරන්න කිසිම තැනක් නැහැලු. ධෛර්යවන්තව, දුක් විඳලයි මේ ගමන ආවේ කියලයි ඇය පවසන්නේ. පොල්අතු පැලේ ඉඳන් අද තට්ටු තුනේ ගෙදරක ඉන්න විඳපු දුක මට අමතක කරන්න බැහැ කියලත් ඇය පවසනවා. දුක් විඳලා, කැපවීම් කරලා ලබාගත්ත තැන ගැන ඇයට තියෙන්නේ මහා ආඩම්බරයක්ලු. ඇයගේ සැමියාත් කලාකරුවෙක්. ඉතින් ඔවුන් මේ හැමදේම ලබා ගත්තේ කලාවෙන්ලු. ඒ නිසා කලාවට ඇය මාරම ආදරෙයිලු.

ඉතින් ඒ වගේම මේ තියෙන තත්ත්වයත් එක්ක ඇයට රට යන්න හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම යනවාලු. කලා ක්ෂේත්‍රයේ හිටපු කාලය ඇති කියලා ඇයට දැන් වෙලාවකට හිතෙනවාලු. ඒ නිසා ඒ වගේ හොඳ අවස්ථාවක් ලැබුණොත් ඇය යනවලු. ඉතින් ඒ වගේම ඇය කවදාවත් මිල මුදල් මත වැඩ කරපු කලාකාරියක් නෙවෙයිලු. ඇය මුල්තැන දුන්නෙ නිර්මාණවලටලු. එහෙම සල්ලි ගැන නොහිතා හොඳ නිර්මාණවලට ඇය දායක වෙලත් තියෙනවාලු. මේ හැමදේම සල්ලි නෙමෙයි කියලයි ඇය පවසන්නේ. සල්ලිවලට කලාව විකුණන්න බැහැ කියලත් ඇය කියනවා. කලාව කියන්නෙ නිර්මාණයක් කරලා රසවින්ඳනයක් ලබාදීම මිසක් සල්ලිවලින් විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32