පොප් ගායිකා මැඩෝනා ‘බරපතල ආසාදනයක්’ සමඟ නිව් යෝර්ක් හි දැඩි සත්කාර ඒකකයට

ලොව සුපිරි පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදන රෝගයකින් පෙළෙන බව හදුනාගෙන ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඇය මේ වන විට ඇමෙරිකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටන බව ඇගේ කළමනාකරු ගයි ඔසේරි ප්‍රකාශ කරයි.

64 හැවිරිදි ඇය මෙම රෝග තත්ත්වය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසයි.

ඇගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙමින් පවතී, කෙසේ වෙතත් ඇය තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවේ