spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදු ස්ථාන වෙත යන්න ජනවාරියේ සිට අනිවාර්ය දේ

ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇතැයිද ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අනුව එන්නත් දෙකම ලබාගත් අයට විශේෂ යෙදුමක් (App) හා කේත අංකයක් (QR Code ) ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ස්ථානයන්හි කළමණාකාරිත්වයට මෙහි වගකීම පැවරෙන බවද උදාහරණයක් ලෙස සිනමාශාලාවක් තුළ සිටින අයෙකු එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් නම් එහි වගකීම එහි කළමණාකාරිත්වය විසින් භාරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එන්නත් ලබා නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙන නමුත් එමගින් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. එනිසා පූර්ණ එන්නත්කරණය මෙන්ම බූස්ටර් එන්නතද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?