පොදු ස්ථාන වෙත යන්න ජනවාරියේ සිට අනිවාර්ය දේ

ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇතැයිද ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අනුව එන්නත් දෙකම ලබාගත් අයට විශේෂ යෙදුමක් (App) හා කේත අංකයක් (QR Code ) ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ස්ථානයන්හි කළමණාකාරිත්වයට මෙහි වගකීම පැවරෙන බවද උදාහරණයක් ලෙස සිනමාශාලාවක් තුළ සිටින අයෙකු එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් නම් එහි වගකීම එහි කළමණාකාරිත්වය විසින් භාරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එන්නත් ලබා නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙන නමුත් එමගින් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. එනිසා පූර්ණ එන්නත්කරණය මෙන්ම බූස්ටර් එන්නතද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58