පොදු සමා කාලය තුළ යුද හමුදා සමාජිකයින් 15,667ක් සේවයෙන් ඉවතට

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) අවසන් වුණා.

ඒ, අනුව එම කාල සීමාව තුළ යුද්ධ හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව මේ බව සඳහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරමින්.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වුණා.

02