spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ශ්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද සවස 06.30 ට පමණ මහ ලේකම්වරිය සහ දුත පිරිස කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි බවයි.

ඇය සමග දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටිනවා.

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට ද සහභාගී වීමට නියමිතයි.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?