පොදු ප්‍රවාහන සහ කුලී රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට අලුත් වැඩ පිළිවෙලක්

පොදු ප්‍රවාහනයේ නියැලෙන ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව හඳුනාගෙන එය වෙනුවෙන් වෙනම QR කේතයක් මඟින් ඉන්ධන ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතයි.

ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් මඟින් මෙලෙස ඉන්ධන ලබාදීම එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කිරීම නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

ඒ වෙනුවෙන් අද (08) උදෑසන ප්‍රවාහන අමාත්‍යවරයා සහ නිළධාරීන් සමඟ විශේෂ සාකච්ඡා ද සිදුකර තිබෙනවා.

නව වැඩපිළිවෙල ක්‍රියාත්මකවන තුරු එම ඉන්ධන අවශ්‍යතා ලංගම ඩිපෝ මඟින් සහ මාකුඹුර සහ බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මඟින් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වෘත්තීය ත්‍රීරෝද රථ සහ කුලී රථ වෙන් වෙන්ව හඳුනාගෙන ඔවුන්ට ලබාදී ඇති පොදු ඉන්ධන කෝටාවට අමතරව තවත් ඉන්ධන ප්‍රමාණයක ලබාදීම වෙනුවෙන් ද අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී ගමනාගමන කොමිසම සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කිරීමටත් ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට එම තොරතුරු ලබාදීමටත්, ඒ අනුව එළඹෙන සතියේ එම අවශ්‍ය තීරණ ගැනීමටත් තීරණය කරන කර ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ප්‍රධාන වෘත්තීය ත්‍රී රෝද සංගම් 15ක නියෝජිතයන් සහ කුලී රථ සංගම් නියෝජිතයන් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15