spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදු ප්‍රවාහන සහ කුලී රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට අලුත් වැඩ පිළිවෙලක්

පොදු ප්‍රවාහනයේ නියැලෙන ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව හඳුනාගෙන එය වෙනුවෙන් වෙනම QR කේතයක් මඟින් ඉන්ධන ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතයි.

ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් මඟින් මෙලෙස ඉන්ධන ලබාදීම එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කිරීම නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

ඒ වෙනුවෙන් අද (08) උදෑසන ප්‍රවාහන අමාත්‍යවරයා සහ නිළධාරීන් සමඟ විශේෂ සාකච්ඡා ද සිදුකර තිබෙනවා.

නව වැඩපිළිවෙල ක්‍රියාත්මකවන තුරු එම ඉන්ධන අවශ්‍යතා ලංගම ඩිපෝ මඟින් සහ මාකුඹුර සහ බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මඟින් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වෘත්තීය ත්‍රීරෝද රථ සහ කුලී රථ වෙන් වෙන්ව හඳුනාගෙන ඔවුන්ට ලබාදී ඇති පොදු ඉන්ධන කෝටාවට අමතරව තවත් ඉන්ධන ප්‍රමාණයක ලබාදීම වෙනුවෙන් ද අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී ගමනාගමන කොමිසම සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කිරීමටත් ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට එම තොරතුරු ලබාදීමටත්, ඒ අනුව එළඹෙන සතියේ එම අවශ්‍ය තීරණ ගැනීමටත් තීරණය කරන කර ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ප්‍රධාන වෘත්තීය ත්‍රී රෝද සංගම් 15ක නියෝජිතයන් සහ කුලී රථ සංගම් නියෝජිතයන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?