පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දහයක් පනී

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට බ්‍රිතාන්‍යට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ඉන්දීය පුවත් සේවයක් වන ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.

එම 10 දෙනා අතුරින් ජූඩෝ ක්‍රීඩිකාවක්, ඇයගේ පුහුණුකරු සහ මල්ලවපොර ක්‍රීඩකයෙක් පසුගිය සතියේ අතුරුදහන් වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් කළේ.

බි‍්‍රතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් දේශීය නීති උල්ලංඝණය නොකළ නිසාත් මාස හයක් වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන තිබූ නිසාත් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගෙන තිබුනේ නැහැ.

කෙස් වෙතත් කණ්ඩායම හැර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු දෙනා ඔවුන්ගේ තරග ඉසව්වලට සහභාගී වී මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙරට තුළ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ රැකියා සොයා ගැනීමේ අරමුණින් ඔවුන් කණ්ඩායමෙන් පැනයන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44