spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ලක්මවට අභිමානයක් ගෙනදුන් නෙත්මි අහිංසා දිවයිනට (ඡායාරූප)

බර්මින්හැම් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණියා.

ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත් වූ නෙත්මිව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පසුගියදා සමත් වුණා.

ඒ, අත්දැකීම්වලින් බහුල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් පරාජය කරමින්.

1 1
2 2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?