spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොකට් එකට දරන්න බැරි ඖෂධ මිල

වර්තමානය වන විට ලංකාවේ පවතින අති උද්ධමනකාරී වාතාවරණය තුළ සෑම භාණ්ඩ හා සේවාවකම මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

අද වන විට සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය මත පදනම්ව පවතින ගෑස්, පාරිභෝගිකයා වෙත ගෑස් පෙන්වමින් සිටිනවා.

වැඩි මිලට වුව ද ගෑස් ලබාගැනීමට හැකියාවක් නැහැ.

ගෑස් භාවිත කරමින් සපයනු ලැබූ ඇතැම් ව්‍යාපාර පවා සම්පූර්ණයෙන්ම මේ වන විට අඩපණව ගොස් අවසන්.

ඩීසල් සහ පෙට්‍රල් පෝලිම්වල සිටීමේදී ඇති වූ තෙහෙට්ටුවෙන් ජනතාව මියයමින් සිටින්නේ අවාසනාවන්ත ලෙසයි.

දුප්පත් මිනිසාගේ ඉන්ධන වන භූමිතෙල් පිළිබඳව කතා කිරීමට පවා හැකියාවක් නැහැ.

මේ නිසා ජනතාවට ගෑස් ලිපෙන් දර ලිප මාරුවීම, වායුසමීකරණය කරන ලද තම සුඛෝපභෝගී වාහනයෙන් පාපැදියට මාරුවීම හැර වෙනත් විකල්ප ඉතුරු වී නොමැති තරම්.

කෙසේ නමුත් සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය මත පදනම් වන තවත් ක්ෂේත්‍රයක් වන ඖෂධ සැපයුම යම්තාක් දුරකට හෝ නිසි පරිදි ක්‍රියාත්මක වීම අස්වැසිල්ලක්.

මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ප්‍රකට රහසකි.

ඇතැම් ඖෂධවල ඇති වූ හිඟකම නිසා මරණ සිදුවූ බවට සමාජ මාධ්ය වාර්තා කළ ද පිළිගත් මාධ්‍යවලින් එම තොරතුරු සනාථ කොට නැහැ.

මෙසේ රාජ්‍ය අංශය ඖෂධ සැපයුම අතින් අකර්මන්‍යව යද්දි ලංකාවේ ඖෂධ ආනයනය කිරීම සහ බෙදාහැරීම අඩපණ නොවීමේ ගෞරවය පෞද්ගලික අංශයට අනිවාර්යෙන්ම හිමිවිය යුත්තක්.

තත්ත්වය එසේ වුව ද මෙලෙස පෞද්ගලික අංශය මගින් ආනයනය කරන ලද ඇතැම් ඖෂධවල මිල ගණන් ඉහළ යාම පිළිබඳව කතිකාවතක් සමාජය තුළින් මතු වී තිබෙනවා.

විශේෂයෙන් එකම නිෂ්පාදිත දිනය සහිත එකම කාණ්ඩයේ ඖෂධවල මිල පවා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් මැසිවිලි නගන බව බොහෝ තැන්වලින් වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ ඖෂධ ආනයනය ක්‍රියාවලිය පිළිබඳව අප රටේ ජනතාව තුළ පවතින අඩු දැනුවත් බවයි.

අනෙකුත් ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා මෙන්ම ඖෂධ ආනයනය සිදුවන්නේ ණයවර ලිපි මත පදනම්වයි.

ඒ සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ අදාල ණයවර ලිපියට පදනම් වන ගෙවීමේ කාලසීමාව නිම වු පසු එකඟ වී ඇති විදේශ මුදල් වලින්.

මේ නිසා ඖෂධ ආනයනය ක්‍රියාවලියේ දී මිල ගණන් තීරණය වීමේදි විදේශ විනිමය අනුපාතයේ සිදුවන වෙනස් වීම්වල බලපෑමෙන් මිදිය නොහැකියි.

මේ නිසා එකම නිෂ්පාදිත දිනය සහ එකම කාණ්ඩ අංකය සහිත ඖෂධවල මිල පවා තීරණය වන්නේ ඒවා ආනයනය කළ දිනයේදී ගණනය කළ මිල නොව ඒවා වෙළඳපළට නිකුත් කරන්න දිනයේ ගණනය කළ මිල මත පදනම්වයි .

පසුගිය දිනවල රුපියලට සාපේක්ෂව විදේශ මුදල් අනුපාත වල සිදුවුනු ඇදහිය නොහැකි වෙනස්වීම් පිළිබඳව දන්නා සාමාන්ය පුද්ගලයෙකුට වුවත් මෙම තත්ත්වය වටහා ගැනීමට හැකියාව පවතිනවා.

එසේම අමතක නොකළ යුතු තවත් කරුණක් වන්නේ ඖෂධ ආනයනය සිදු කරනු ලබන පෞද්ගලික ආයතනවලට කිසිසේත්ම තම සිතැඟි පරිදි ඖෂධවල මිල ගණන් වෙනස් කිරීමට අවස්ථාවක් කිසිසේත් නැතිවීමයි.

ඔවුන්ට ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්.

එම අධිකාරිය ඖෂධ ආනයනය කිරීමේදී අදාළ ආනයනයකරුට තමන්ගේ වියදම් ආවරණය කරගෙන අවම ලාභයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී පාරිභෝගිකයාට සහන මිලට ඖෂධ ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් කැප වී සිටින ආයතනයක්.

මේ අවස්ථාවේදී විදෙස් මුදල් අනුපාතයේ උච්චාවචනය අනුව අදාළ මිල සඳහා අවස්ථාව ලබාදීම හැර වෙනත් විකල්පයක් ද එම ආයතනයට නැහැ

යම්කිසි විදිහකින් එම මිල වැඩිකිරීම් සඳහා වන සාධාරණ ඉල්ලීම් අනුමත නොකළ හොත් අදාල ආනයනයකරුවන් එකී ක්‍රියාවලියෙන් ඉවත් වීම තුළ රට තුළ මාරාන්තික සහ බරපතළ ඖෂධ හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැක්කක්.

ඉහත සඳහන් කළ පරිදි ඖෂධ ආනයනය කරුවන් අවම ලාභයකින් යුතුව මෙම කටයුත්ත සිදු කරන නිසා රජයේ වගකිවයුතු අංශ මේ පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත් කළ යුතු වනවා.

කෙසේ නමුත් මෑත අතීතයේ අපට ලැබී ඇති අත්දැකීම් මත එය සිදුවීමට වඩා සිදු නොවීමට ඇත්තේ වැඩි ඉඩකඩක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?