පේරේ නිල ලාංඡනය අවභාවිත කරමින් මහා පරිමාණ ජාවාරමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ලංඡනය අවභාවිත කරමින් මාර්ගගත පාඨමාලා සඳහා සිසුන් සම්බන්ධ කර ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් පොලිස් පරිගණක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වුණේ.

එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම වෙත ද පැමිණිල්ලක් සිදුකළ බවයි.

කළමණාකරන, ආර්ථික, සමාජ විද්‍යා හා මනෝවිද්‍යා පාඨමාලා මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන බව දක්වමින් විශ්වවිද්‍යාලයේ නිල ලංඡනය අවභාවිත කරමින් සමාජ මාධ්‍යවල අදාළ දැන්වීම පළකර තිබෙන අතර, මෙම වංචා සහගත ක්‍රියාවලියට මහජනතාව රැවටීමේ වැඩිඉඩක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙසයි විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේවික්‍රම පොලිසියෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48