AFC Banner
Empty Ad
Empty Ad

පේරාදෙණිය සරසවි සිසුවෙක් යකඩ යකාට බිළි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ඊයේ (01) පස්වරු 2.30ට පමණ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

මෙම සිසුවා පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසල දී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රිය ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය සිසුවා වාද්දූව, තල්පිටිය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්‍රී ශ්‍රවණ උපාංග කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටිය දී දුම්රිය පැමිණෙන හඬ නොඇසී දුම්රියේ ගැටී මෙම අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
3
+1
22
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?