spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහනුවර නගරයේදී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවට පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධයක් ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා දැනුම් දී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?